Linux mint සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීම. || Installing Sinhala Unicode on Linux Mint

1) මුලින්ම Menu > Administrator > Software Manager open කරගන්න..

  • මින්ට් නෙවේ නම්  System> Administration> Synaptic Package Manager (උබුන්ටු) වගේ OS එකේ ඇති සොෆ්ට්වෙයා මැනේජර් ඕපන් කරගන්න. 


2) සර්ච් බොක්ස් එකේ "ibus" කියලා සර්ච් කරලා install ගන්න.

  • ඔය කොයිකටත් හරියන්න sudo apt-get install ibus ibus-m17n m17n-db m17n-contrib ibus-gtk කියන එක රන් කරන්න Terminal එකේ. Internet connect කරලා ඊට පස්සේ ටර්මිනල් එකට ඕක පේස්ට් කරලා Enter කරන්න. ඩවුන්ලෝඩ් කරන්නද අහන තැන Y ටයිප් කරලා එන්ටර් කරපං.  ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙයි. 
  • Fedora අලුත් සංසකරණවල මේක ඉන්ස්ටෝල් කරලාම තියෙනවා. අවශ්‍යනම් Add/Remove software මගින් ෆෙඩෝරා මත ibus ලේසියෙන් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්


3) දැන් Menu > Preferences > Language Support හොයාගං. ඔය අනංමනං පැකේජස් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්නද ඇහුවොත් Remind me later ක්ලික් කරන්න.

4) එතකොට ඕපන් වෙන වින්ඩෝ එකේ ඇති "Keyboard input method system" කියලා එකක්. ඒකෙන් ibus කියන එක තෝරගන්න.


            * දැන් log out වෙලා ආයිත් log වෙයන්..


  • ෆෙඩෝරා වල නම් Input Method Selector මගින් තෝරගන්න.



5) දැන් Terminal එක ඕපන් කරලා


apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib

පේස්ට් කරලා enter කරන්න.

  • මේක debian පාදක පද්ධතියක් නම් විතරක් (උදාහරණයක් විදියට Linux Mint) භාවිතා කරන්න.. වෙනත් පද්ධතියක් නම් මේ ලින්ක් එකෙන් ගිහින් තෝරගන ඉදියට කරගන යන්න

 
6) දැන් Terminal එකේම ibus-setup කියලා ටයිප් කරලා enter කරපං. දැන් ibus preferences කියලා එකක් ඕපන් වෙයි.

7) දැන් ඕකේ දෙවෙනි ටැබ් එක, Input method කියන එකට ගිහින් "Select an input method" කියන තැනින් "Sinhala;Sinhalese" තෝරපල්ලා. පස්සේ Add කොරලා ක්ලෝස් කරලා log out වෙලා Log වෙලා බලපං සිංහල වැඩද කියලා..



ඔය තියෙන්නේ මම කොර ගත්ත හැටි..

මම හැර වෙනත් එවුන්ට :

8) වැඩ නැත්තං google කරලා බලපං වෙන විදියක්. මොකද මට අදාල නෑ. මේක මට වැඩ නේ.. :P
 

Copyright © මල ඉලව් ලිනක්ස්!