සිංහල යුනිකෝඩ් ෆොන්ට් වෙනස් කිරීම || Customize Sinhala Unicode font on Linux

මේ මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගත්තාට පස්සේ ඊලඟට ආව අවුල. ලිනක්ස් මත සිංහල යුනිකෝඩ් install කරාට පස්සේ එන default ෆොන්ට් එක නම් මට අප්පිරියයි!


1) මුලින් ම Terminal එක ඕපන් කරලා fc-list :lang=si  පේස්ට් කරලා එන්ටර් කරලා බලන්න දැනට තියෙන ෆොන්ට්ස් මොනවද කියලා.


2) ඔය ෆොන්ට්ස් තියෙන්නේ  /usr/share/fonts කියන තැන. ඒ කියන්නේ මෙතනට යන්න නම්
  • File Syetem > usr > share > fonts කියන path එකේ යන්න ඕන.
3) Fonts කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා truetype කියන ෆෝල්ඩර් එක. යුනිකෝඩ් වෙනුවෙන් යොදාගන්න ඕන ඔයාගේ අලුත් ෆොන්ට් එක මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරන්න ඕන.
  • ෆොන්ට් එක කොපි කරන්න යනකොට පොඩි කේස් එකක් එනවා කොපි කරන්න පර්මිෂන් නෑ කියලා. ඒකට කරන්න තියෙන්නේ root විදියට ලිනක්ස් වලට log වෙන එක. හැබැයි Linux Mint එකේ තියෙනවා ලේසි විදියක්. truetype ෆෝල්ඩර් එක උඩ right click කරාම එන මෙනු එකෙන්  Open as Root කියලා දුන්නාම වැඩේ ගොඩ. 
4) දැන් පියවර 1 දී හොයාගත්ත දැනට ලිනක්ස් මත තියෙන සිංහල ෆොන්ට් ටික එතනින් අයින් කරන්න ඕන. 
  • උදාහරණයක් විදියට /usr/share/fonts/truetype/freefont කියන ෆෝල්ඩර් එක. පළවෙනි පියවරෙන් හොයා ගත්ත ෆොන්ට්ස් ඔක්කම cut කරලා home folder එකේ අලුත් නමකින් ෆෝල්ඩර් එකක් හදලා ඒකට  past කරන්න. ඒ කියන්නේ දැන් fonts ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්න පුලුවන් එකම සිංහල ෆොන්ට් එක අලුතින් ඒකට දාගත්ත ෆොන්ට් එක විතරයි.
5) දැන් Terminal එක ඕපන් කරලා  fc-cache -f -v පේස්ට් කරලා එන්ටර් කරන්න. මේකෙන් අලුතින් ෆොන්ට් කෑෂ් එක හැදෙයි. 

6) ඒක වෙලා ඉවර වුනාම නැවතත්  fc-list :lang=si  ටර්මිනල් එකේ රන් කරලා බලන්න. වැඩේ ගොඩ නම් පෙන්නන්න ඕන අලුතින් දාපු ෆොන්ට් එක විතරයි.

7) ලිනක්ස් වලින් log out වෙලා ආයිත් log වෙලා බලන්න ෆොන්ට්ස් වෙනස් වෙලාද කියලා.


මේ තියෙන්නේ වෙනස් කරන්න කලින්.


මේ තියෙන්නේ වෙනස් කරාට පස්සේ.

ප.ලි : මම යොදා ගත්තේ FM-MalithiUW46.ttf කියන ෆොන්ට් එක. ඒක ලස්සනයි! 

විශේෂ ස්තූතිය - OMG Linux ෆේස්බුක් සමූහයට
Read full post »

Linux mint සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීම. || Installing Sinhala Unicode on Linux Mint

1) මුලින්ම Menu > Administrator > Software Manager open කරගන්න..

  • මින්ට් නෙවේ නම්  System> Administration> Synaptic Package Manager (උබුන්ටු) වගේ OS එකේ ඇති සොෆ්ට්වෙයා මැනේජර් ඕපන් කරගන්න. 


2) සර්ච් බොක්ස් එකේ "ibus" කියලා සර්ච් කරලා install ගන්න.

  • ඔය කොයිකටත් හරියන්න sudo apt-get install ibus ibus-m17n m17n-db m17n-contrib ibus-gtk කියන එක රන් කරන්න Terminal එකේ. Internet connect කරලා ඊට පස්සේ ටර්මිනල් එකට ඕක පේස්ට් කරලා Enter කරන්න. ඩවුන්ලෝඩ් කරන්නද අහන තැන Y ටයිප් කරලා එන්ටර් කරපං.  ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙයි. 
  • Fedora අලුත් සංසකරණවල මේක ඉන්ස්ටෝල් කරලාම තියෙනවා. අවශ්‍යනම් Add/Remove software මගින් ෆෙඩෝරා මත ibus ලේසියෙන් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්


3) දැන් Menu > Preferences > Language Support හොයාගං. ඔය අනංමනං පැකේජස් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්නද ඇහුවොත් Remind me later ක්ලික් කරන්න.

4) එතකොට ඕපන් වෙන වින්ඩෝ එකේ ඇති "Keyboard input method system" කියලා එකක්. ඒකෙන් ibus කියන එක තෝරගන්න.


            * දැන් log out වෙලා ආයිත් log වෙයන්..


  • ෆෙඩෝරා වල නම් Input Method Selector මගින් තෝරගන්න.



5) දැන් Terminal එක ඕපන් කරලා


apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib

පේස්ට් කරලා enter කරන්න.

  • මේක debian පාදක පද්ධතියක් නම් විතරක් (උදාහරණයක් විදියට Linux Mint) භාවිතා කරන්න.. වෙනත් පද්ධතියක් නම් මේ ලින්ක් එකෙන් ගිහින් තෝරගන ඉදියට කරගන යන්න

 
6) දැන් Terminal එකේම ibus-setup කියලා ටයිප් කරලා enter කරපං. දැන් ibus preferences කියලා එකක් ඕපන් වෙයි.

7) දැන් ඕකේ දෙවෙනි ටැබ් එක, Input method කියන එකට ගිහින් "Select an input method" කියන තැනින් "Sinhala;Sinhalese" තෝරපල්ලා. පස්සේ Add කොරලා ක්ලෝස් කරලා log out වෙලා Log වෙලා බලපං සිංහල වැඩද කියලා..



ඔය තියෙන්නේ මම කොර ගත්ත හැටි..

මම හැර වෙනත් එවුන්ට :

8) වැඩ නැත්තං google කරලා බලපං වෙන විදියක්. මොකද මට අදාල නෑ. මේක මට වැඩ නේ.. :P
Read full post »
 

Copyright © මල ඉලව් ලිනක්ස්!