Linux මත Xampp install කිරීම || Installing Xampp on Linux

මේක ඉතින් වෙබ් ඩිවලොප් කරන උන්ට තමා වැදගත් වෙන්නේ. දැන් ගොඩක් web developing firms ලිනක්ස් භාවිතා කරන්න යොමුවෙලත් තියෙනවා. මෙහෙමයි වැඩේ වෙන්නේ..

1) මේ ලින්ක් එකට ගිහින් xampp download කරගන්න.

2) දැන් ඔය බාගත්ත ෆයිල් එක තියෙන්නේ .tar ෆයිල් එකක් විදියට. ඕක Extract කරගන්න ඕන /opt folder එකට.

  • Terminal එක ඕපන් කරලා tar xvfz xampp-linux-1.8.1.tar.gz -C /opt  පේස්ට් කරලා Enter කරන්න.
  • root විදියට ලොග් වෙලා/ root විදියට ඩවුන්ලෝඩ් කරපු .tar file එක Archive Manager එක්ක ඕපන් කරලා extract ක්ලික් කරලා extract වෙන්න ඕන තැන විදියට File System > opt ෆෝල්ඩර් එක දෙන්න. 
3) XAMPP install කරලා ඉවරයි! Terminal එක ඕපන් කරලා ඒ හරහා xampp රන් කරන්න පුලුවං. අදාල commands මේ ලින්ක් එකෙන් බලාගන්න.

වින්ඩෝ්ස් වලදී graphical interface එකකුත් එක්ක xampp වල වැඩ කරපු අපිට මේ වැඩේ හරියන්නේ නෑනේ. ඒක නිසා ඕකට UI දාගන්න ඕන නේ. මින්ට් එකට දාන හැටි මෙහෙමයි..

1) Menu උඩ right click කරලා Edit Menu Select කරන්න.

2) Accessories යටතේ New Item එකක් දාන්න.
  • Type: Application 
  • Name: Xampp 
  • Command: gksu /opt/lampp/share/xampp-control-panel/xampp-control-panel 
  • Comment: Xampp Web Server For Linux
  • Icon එකක් ගැලපෙන්න කැමති එකක් දාගන්න.
දැන් xampp control panel එකට ෂෝට්කට් එකක් ඇති Menu > Accessories යටතේ.. 


Ubuntu වල control panel එකක් දාගන්න මෙහෙමයි..

1) Terminal එකේ sudo gedit ~/.local/share/applications/xampp-control-panel.desktop පෙස්ට් කරලා Enter කරන්න.

2) Open වෙන text editor එකේ පහල කෝඩ් එක පේස්ට් කරලා save කරන්න.

[Desktop Entry] 
Comment=Start and Stop XAMPP Name=XAMPP Control Panel Exec=gksudo python /opt/lampp/share/xampp-control-panel/xampp-control-panel.py Icon[en_CA]=/usr/share/icons/Humanity/devices/24/network-wired.svg Encoding=UTF-8 Terminal=false Name[en_CA]=XAMPP Control Panel Comment[en_CA]=Start and Stop XAMPP Type=Application Icon=/usr/share/icons/Humanity/devices/24/network-wired.svg

දැන් xampp control panel එකට ෂෝට්කට් එකක් ඇති Accessories/ Other යටතේ.. 

ඔය හැම දේකම වැඩි විස්තර දැනගන්න පුලුවන් www.apachefriends.org සයිට් එකෙන්..
 

Copyright © මල ඉලව් ලිනක්ස්!