htdocs folder එකට files copy කිරීම.|| How to add files into htdocs folder?

මින්ට් ඉදලා ෆෙඩෝරා වලට මාරු වුනාට පස්සේ තමා තේරුම් ගත්තේ මින්ට් වලදී සිම්පල් විදියට කරගන්න ගොඩක් වැඩ කරගන්න ෆෙඩෝරා වලදී ටිකක් අමාරුයි කියලා. ඒ වුනාට ෆෙඩෝරා එල.. :D

ෆෙඩෝරා මත xampp control panel එක රන් කරන්න root ම ලොග් වෙන්න වෙන කේස් එකක් ආවා. Non-root යූසර් කෙනෙක් විදියට ඒක රන් කරන්න බෑ. කොහොම හරි කරලා xampp control panel එක රන් කරගන්න පුලුවන් වුනත් Services start කරගන්න බෑ පැනල් එක හරහා. ඒකට පිළියමක් සොයමින් පවතිනවා.

ඊලඟ කේස් එක htdocs ෆෝල්ඩර් එකට files copy කරන්න බැරි එක. මොකද ඒක තියෙන්නේ "File System" partition එක ඇතුලේ.. මින්ට් එකේ නම් open as root දුන්නාම වැඩේ ගොඩ. ඒ ඇරුනම linux OS මත වැඩේ ගොඩ දාගන්න ලේසි ක්‍රම දෙකක් තියෙනවා.

පළවෙනි ක්‍රමරය මෙහෙමයි..

1) ටර්මිනල් එක ඕපන් කරලා su මගින් රූට් පර්මිෂන් ගන්න

2) දැන් nautilus /opt/lampp/htdocs ටර්මිනල් එකේ රන් කරන්න.

ඕං දැන් htdocs ෆෝල්ඩර් එකේ ඕන වැඩක් දාන්න පුලුවන් non-root යූසර් කෙනෙක් විදියට.

අනික් ක්‍රමය තමයි ෆෝල්ඩර් එකක් htdocs ෆෝල්ඩර් එකට ලින්ක් කරන එක. ඒ වැඩේ නම් මට එච්චර ඇල්ලුවේ නෑ. හොඳ ප්‍රථිපල පෙන්නුවෙත් නෑ. කරන්නේ මෙහෙමයි..

1) home එකේ ෆෝල්ඩර් එකක් හදාගන්න. උදාහරණයක් විදියට "htdocs_link" කියලා ෆෝල්ඩර් එකක් හැදුවා කියලා හිතමු.

2) දැන් ටර්මිනල් එකේ sudo ln -s ~/ෆෝල්ඩර් එකේ නම /opt/lampp/htdocs/$User_name
  • sudo ln -s ~/htdocs_link /opt/lampp/htdocs/$chaturanga
දැන් htdocs ෆෝල්ඩර් එකට කොපි කරන්න ඕන ඒවා htdocs_link ෆෝල්ඩර් එකට කොපි කරන්න. හරියයි ද මන්දා ඔය ක්‍රමය.. කොයිකටත් පළවෙනි ක්‍රමය පාවිච්චි කරන එක ෂුවර්..

Update - 

ඔක්කටම වැඩිය හොදම ක්‍රමය තමයි ඇඩ්මින් විදියට ලොග් වෙලා ෆෝල්ඩර් එකේ Properties open කරලා permissions මගින් අවශ්‍ය විදියට settings හදා ගන්න එක.. 
 

Copyright © මල ඉලව් ලිනක්ස්!