htdocs folder එකට files copy කිරීම.|| How to add files into htdocs folder?

මින්ට් ඉදලා ෆෙඩෝරා වලට මාරු වුනාට පස්සේ තමා තේරුම් ගත්තේ මින්ට් වලදී සිම්පල් විදියට කරගන්න ගොඩක් වැඩ කරගන්න ෆෙඩෝරා වලදී ටිකක් අමාරුයි කියලා. ඒ වුනාට ෆෙඩෝරා එල.. :D

ෆෙඩෝරා මත xampp control panel එක රන් කරන්න root ම ලොග් වෙන්න වෙන කේස් එකක් ආවා. Non-root යූසර් කෙනෙක් විදියට ඒක රන් කරන්න බෑ. කොහොම හරි කරලා xampp control panel එක රන් කරගන්න පුලුවන් වුනත් Services start කරගන්න බෑ පැනල් එක හරහා. ඒකට පිළියමක් සොයමින් පවතිනවා.

ඊලඟ කේස් එක htdocs ෆෝල්ඩර් එකට files copy කරන්න බැරි එක. මොකද ඒක තියෙන්නේ "File System" partition එක ඇතුලේ.. මින්ට් එකේ නම් open as root දුන්නාම වැඩේ ගොඩ. ඒ ඇරුනම linux OS මත වැඩේ ගොඩ දාගන්න ලේසි ක්‍රම දෙකක් තියෙනවා.

පළවෙනි ක්‍රමරය මෙහෙමයි..

1) ටර්මිනල් එක ඕපන් කරලා su මගින් රූට් පර්මිෂන් ගන්න

2) දැන් nautilus /opt/lampp/htdocs ටර්මිනල් එකේ රන් කරන්න.

ඕං දැන් htdocs ෆෝල්ඩර් එකේ ඕන වැඩක් දාන්න පුලුවන් non-root යූසර් කෙනෙක් විදියට.

අනික් ක්‍රමය තමයි ෆෝල්ඩර් එකක් htdocs ෆෝල්ඩර් එකට ලින්ක් කරන එක. ඒ වැඩේ නම් මට එච්චර ඇල්ලුවේ නෑ. හොඳ ප්‍රථිපල පෙන්නුවෙත් නෑ. කරන්නේ මෙහෙමයි..

1) home එකේ ෆෝල්ඩර් එකක් හදාගන්න. උදාහරණයක් විදියට "htdocs_link" කියලා ෆෝල්ඩර් එකක් හැදුවා කියලා හිතමු.

2) දැන් ටර්මිනල් එකේ sudo ln -s ~/ෆෝල්ඩර් එකේ නම /opt/lampp/htdocs/$User_name
  • sudo ln -s ~/htdocs_link /opt/lampp/htdocs/$chaturanga
දැන් htdocs ෆෝල්ඩර් එකට කොපි කරන්න ඕන ඒවා htdocs_link ෆෝල්ඩර් එකට කොපි කරන්න. හරියයි ද මන්දා ඔය ක්‍රමය.. කොයිකටත් පළවෙනි ක්‍රමය පාවිච්චි කරන එක ෂුවර්..

Update - 

ඔක්කටම වැඩිය හොදම ක්‍රමය තමයි ඇඩ්මින් විදියට ලොග් වෙලා ෆෝල්ඩර් එකේ Properties open කරලා permissions මගින් අවශ්‍ය විදියට settings හදා ගන්න එක.. 
Read full post »

Linux මත Xampp install කිරීම || Installing Xampp on Linux

මේක ඉතින් වෙබ් ඩිවලොප් කරන උන්ට තමා වැදගත් වෙන්නේ. දැන් ගොඩක් web developing firms ලිනක්ස් භාවිතා කරන්න යොමුවෙලත් තියෙනවා. මෙහෙමයි වැඩේ වෙන්නේ..

1) මේ ලින්ක් එකට ගිහින් xampp download කරගන්න.

2) දැන් ඔය බාගත්ත ෆයිල් එක තියෙන්නේ .tar ෆයිල් එකක් විදියට. ඕක Extract කරගන්න ඕන /opt folder එකට.

  • Terminal එක ඕපන් කරලා tar xvfz xampp-linux-1.8.1.tar.gz -C /opt  පේස්ට් කරලා Enter කරන්න.
  • root විදියට ලොග් වෙලා/ root විදියට ඩවුන්ලෝඩ් කරපු .tar file එක Archive Manager එක්ක ඕපන් කරලා extract ක්ලික් කරලා extract වෙන්න ඕන තැන විදියට File System > opt ෆෝල්ඩර් එක දෙන්න. 
3) XAMPP install කරලා ඉවරයි! Terminal එක ඕපන් කරලා ඒ හරහා xampp රන් කරන්න පුලුවං. අදාල commands මේ ලින්ක් එකෙන් බලාගන්න.

වින්ඩෝ්ස් වලදී graphical interface එකකුත් එක්ක xampp වල වැඩ කරපු අපිට මේ වැඩේ හරියන්නේ නෑනේ. ඒක නිසා ඕකට UI දාගන්න ඕන නේ. මින්ට් එකට දාන හැටි මෙහෙමයි..

1) Menu උඩ right click කරලා Edit Menu Select කරන්න.

2) Accessories යටතේ New Item එකක් දාන්න.
  • Type: Application 
  • Name: Xampp 
  • Command: gksu /opt/lampp/share/xampp-control-panel/xampp-control-panel 
  • Comment: Xampp Web Server For Linux
  • Icon එකක් ගැලපෙන්න කැමති එකක් දාගන්න.
දැන් xampp control panel එකට ෂෝට්කට් එකක් ඇති Menu > Accessories යටතේ.. 


Ubuntu වල control panel එකක් දාගන්න මෙහෙමයි..

1) Terminal එකේ sudo gedit ~/.local/share/applications/xampp-control-panel.desktop පෙස්ට් කරලා Enter කරන්න.

2) Open වෙන text editor එකේ පහල කෝඩ් එක පේස්ට් කරලා save කරන්න.

[Desktop Entry] 
Comment=Start and Stop XAMPP Name=XAMPP Control Panel Exec=gksudo python /opt/lampp/share/xampp-control-panel/xampp-control-panel.py Icon[en_CA]=/usr/share/icons/Humanity/devices/24/network-wired.svg Encoding=UTF-8 Terminal=false Name[en_CA]=XAMPP Control Panel Comment[en_CA]=Start and Stop XAMPP Type=Application Icon=/usr/share/icons/Humanity/devices/24/network-wired.svg

දැන් xampp control panel එකට ෂෝට්කට් එකක් ඇති Accessories/ Other යටතේ.. 

ඔය හැම දේකම වැඩි විස්තර දැනගන්න පුලුවන් www.apachefriends.org සයිට් එකෙන්..
Read full post »
 

Copyright © මල ඉලව් ලිනක්ස්!