සිංහල යුනිකෝඩ් ෆොන්ට් වෙනස් කිරීම || Customize Sinhala Unicode font on Linux

මේ මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගත්තාට පස්සේ ඊලඟට ආව අවුල. ලිනක්ස් මත සිංහල යුනිකෝඩ් install කරාට පස්සේ එන default ෆොන්ට් එක නම් මට අප්පිරියයි!


1) මුලින් ම Terminal එක ඕපන් කරලා fc-list :lang=si  පේස්ට් කරලා එන්ටර් කරලා බලන්න දැනට තියෙන ෆොන්ට්ස් මොනවද කියලා.


2) ඔය ෆොන්ට්ස් තියෙන්නේ  /usr/share/fonts කියන තැන. ඒ කියන්නේ මෙතනට යන්න නම්
  • File Syetem > usr > share > fonts කියන path එකේ යන්න ඕන.
3) Fonts කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා truetype කියන ෆෝල්ඩර් එක. යුනිකෝඩ් වෙනුවෙන් යොදාගන්න ඕන ඔයාගේ අලුත් ෆොන්ට් එක මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරන්න ඕන.
  • ෆොන්ට් එක කොපි කරන්න යනකොට පොඩි කේස් එකක් එනවා කොපි කරන්න පර්මිෂන් නෑ කියලා. ඒකට කරන්න තියෙන්නේ root විදියට ලිනක්ස් වලට log වෙන එක. හැබැයි Linux Mint එකේ තියෙනවා ලේසි විදියක්. truetype ෆෝල්ඩර් එක උඩ right click කරාම එන මෙනු එකෙන්  Open as Root කියලා දුන්නාම වැඩේ ගොඩ. 
4) දැන් පියවර 1 දී හොයාගත්ත දැනට ලිනක්ස් මත තියෙන සිංහල ෆොන්ට් ටික එතනින් අයින් කරන්න ඕන. 
  • උදාහරණයක් විදියට /usr/share/fonts/truetype/freefont කියන ෆෝල්ඩර් එක. පළවෙනි පියවරෙන් හොයා ගත්ත ෆොන්ට්ස් ඔක්කම cut කරලා home folder එකේ අලුත් නමකින් ෆෝල්ඩර් එකක් හදලා ඒකට  past කරන්න. ඒ කියන්නේ දැන් fonts ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්න පුලුවන් එකම සිංහල ෆොන්ට් එක අලුතින් ඒකට දාගත්ත ෆොන්ට් එක විතරයි.
5) දැන් Terminal එක ඕපන් කරලා  fc-cache -f -v පේස්ට් කරලා එන්ටර් කරන්න. මේකෙන් අලුතින් ෆොන්ට් කෑෂ් එක හැදෙයි. 

6) ඒක වෙලා ඉවර වුනාම නැවතත්  fc-list :lang=si  ටර්මිනල් එකේ රන් කරලා බලන්න. වැඩේ ගොඩ නම් පෙන්නන්න ඕන අලුතින් දාපු ෆොන්ට් එක විතරයි.

7) ලිනක්ස් වලින් log out වෙලා ආයිත් log වෙලා බලන්න ෆොන්ට්ස් වෙනස් වෙලාද කියලා.


මේ තියෙන්නේ වෙනස් කරන්න කලින්.


මේ තියෙන්නේ වෙනස් කරාට පස්සේ.

ප.ලි : මම යොදා ගත්තේ FM-MalithiUW46.ttf කියන ෆොන්ට් එක. ඒක ලස්සනයි! 

විශේෂ ස්තූතිය - OMG Linux ෆේස්බුක් සමූහයට
 

Copyright © මල ඉලව් ලිනක්ස්!