ප්‍රශ්නය -

මගේ තියෙන්නේ Dell Inspiron n5110 ලැප් එකක්. මම මින්ට් 14 & ෆෙඩෝරා 17 පාවිච්චි කරලා බැලුවා. ඒවා පාවිච්චි කරනකොට බැටරිය පැයක්වත් තියෙන්නේ නෑ. ඒත් වින්ඩෝස් වල පැය තුනකට ආසන්න කාලයක් තියෙනවා.. :/

උත්තරය - 

VGA ඩ්‍රයිවර්ස් අරගෙන නැහැ හරියට.
ඔබේ ලැපේ තියෙන්නේ Nvidia VGA කාඩ් එකක්. ඒකේ ඩ්‍රයිවර්ස් අරගෙන නැහැ හරියට. ඩ්‍රයිවර්ස් දැම්මාම වැඩේ හරියනවා.
ඔබ මෙතන සඳහන් නොකළත්, ෆෑන් එකත් අසාමාන්‍ය විදියට වැඩ කරන සද්දේ ඇහෙන්න ඇති.

වැඩේ ගොඩදාගන්නේ මෙහෙමයි.
ලිනක්ස් මින්ට් හෝ ෆෙඩෝරා වලට වඩා උබුන්ටු OS එක එක්ක මේ වැඩේ කිරීම වඩා සුදුසුයි. ඉස්සෙල්ලාම උබුන්ටු වලින් ට්‍රයි කරලා වැඩේ ගොඩ දාගෙන ඊටපස්සේ ෆෙඩෝරා සහ මින්ට් වලට උත්සාහ කරන්න.

බම්බල්බී (Bumblebee) කියලා තියෙනවා ප්‍රොජෙක්ට් එකක්. ඒකෙන් කරන්නේ Nvidia සඳහා සහය ලබා දෙන එක.
http://bumblebee-project.org/ ඔතනින් පුළුවං ඒ ගැන දැනගන්න.

මේ තියෙන්නේ බම්බල්බී පාවිච්චි කරලා ඩ්‍රයිවර්ස් වැඩේ ගොඩ දාගන්න හැටි.
http://bumblebee-project.org/install.html
බොහොම පහසුවෙන් කරගන්න පුළුවං.

මේ තියෙන්නේ උබුන්ටු මතදී බම්බල්බී වලින් මේ අවුල විසඳගන්න හැටි.
https://wiki.ubuntu.com/Bumblebee

උඩින් කිව්ව ක්‍රම දෙකෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවං...


ස්තූතිය OMG Linux ගෘප් එකට..
 

Copyright © මල ඉලව් ලිනක්ස්!